ජීවනෝපාය තොරතුරු

දිළිඳුකම පිටු දැකීමේ දී හා ප්‍රජා සවිබලකරණයේදී කුඩා පරිමාණ ජීවනෝපාය සංවර්ධය විශාල මෙහෙවරක් ඉටුකරනු ලබයි. ජීවනෝපාය සංවර්ධනය සඳහා අවශ්‍ය තොරතුරු ලබාගැනීමට මූලාශ්‍ර නොමැතිවීමත්, ඒවා ලබාගැනීමට ඇති අපහසුවත් කුඩා පරිමාණ ජීවනෝපාය සංවර්ධය සඳහා ඇති මූලික බාධාවක් බව වසර කිහිපයක් ආර්ථික සවිබලකරන වැඩසටහන් ක්‍රියාත්මක කොට අප ලද අත්දැකීම් මගින් සනාථ වේ.

එබැවින් ජීව‍නෝපාය සංවර්ධනය සඳහා අවශ්‍ය තොරතුරු ගොණුවක් අපගේ වෙබ් අඩවිය මගින් යාවත්කාලීන කොට පවත්වාගෙන යාමට අපි අදහස් කළෙමු.

සුළු පරිමාණ ජීවනෝපායයක් ආරම්භ කිරීමට ප්‍රථම ඔබ තුල පහත දැක්වෙන ප්‍රශ්ණ පැණ නගිනු ඇත.

උක්ත ගැටළු නිරාකරණය කරගැනීම සුළු පරිමාණ ජීවනෝපායක් ආරම්භ කිරීමට අපේක්ෂාකරන, දැනටමත් ආරම්භකොට ඇති හෝ එවැනි ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබන පුද්ගලයන්ට හෝ ආයතනවලට අවශ්‍ය තොරතුරු ලබාගැනීම පහසුකිරීම මෙම තොරතුරු ගොණුව පවත්වාගෙන යාමේ මූලික අරමුණ වේ

මෙම තොරතුරු ගොණුව ඔබගේ ජීවනෝපාය අපේක්ෂාවන් සාක්ෂාත් කරගැනීම පහසුකරවනු ඇත යන්න අපගේ විශ්වාසයයි.

මෙම තොරතුරු ගොණුව පිළිබඳ ඔබගේ අදහස් හා කැමැත්ත පිළිබඳව අපගේ වෙබ් අඩවියේ සටහනක් තබන්න.

මා හට ආරම්භ කළ හැකි ජීවනෝපායයන් මොනවා ද ?

ඒ සඳහා අවශ්‍ය නිපුනතා මොණවා ද?

මා හට නිපුනතා හා තාක්ෂණය ලබාගත හැක්කේ කෙසේ ද?

අවශ්‍ය වන මූලික යන්ත්‍ර හා උපකරණ මොණවා ද?

එම යන්ත්‍ර සහ උපකරණ ලබා ගන්නේ කෙසේ ද?

ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මොනවා ද?

කවුරුන් විසින් අමුද්‍රව්‍ය සපයන්නේ ද?

කොපමණ මූලික ආයෝජනයක් අවශ්‍ය වන්නේ ද?